Gossips

කළුතර – කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් නිකුත් කරන ජලය බීමට නුසුදුසුයි

කළු ගඟට මුහුදු ජලය මිශ්‍රවීම නිසා කළුතර – කෙත්හේන ජල පවිත්‍රාගාරය මගින් බෙදාහරින ජලය පානය කිරීම සඳහා නිර්දේශ නොකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
මේ දිනවල පවතින වියලි කාලගුණයත් සමඟ කළු ගඟේ ජල මට්ටම පහත බැසීමෙන් මෙලෙස ලවණ ජලය මිශ්‍රවී ඇති අතර, පවතින අවශ්‍යතාව සළකා බලා කෙත්හේන පවිත්‍රාගාරයෙන් අඛන්ඩව ජලය නිකුත් කෙරෙනවා.
කෙසේ වෙතත් දියනෑම සහ සේදීම් කටයුතුවලට එම ජලය යෝග්‍ය වුවත් පානය කිරීම සඳහා සුදුසු නොවන බවයි ජලසම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ.
තත්ත්වය පහව යනතුරු ළිං ජලය සහ බවුසර් මගින් බෙදාහරින ජලය පානය කිරීම සඳහා භාවිත කරන ලෙස එම මණ්ඩලය කෙත්හේන පවිත්‍රාගාරයෙන් ජලය බෙදාහැරෙන දොඩංගොඩ, කළුතර, බේරුවල සහ පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.