කළුතර – කැලිඩෝ මුහුදු තීරයේ දිය නෑමට ගිය 11 හැවිරිදි ගැහැණු ළමයින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔවුන් සමඟ ඊයේ පස්වරු 5 ට පමණ මුහුදේ දිය නෑමට ගිය එක් ළමයෙකුගේ 40 හැවිරිදි පියෙකුද දියේ ගිලීම නිසා බේරාගෙන රෝහල් ගත කෙරුණා.
තවත් 38 හැවිරිදි කාන්තාවක්ද එහිදී දියේ ගිලීමට ලක්වී තිබෙනවා.
මොවුන් කොළඹ – මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මෙම දැරියන් දෙදෙනා අද අලූයම මියගොස් ඇත්තේ කළුතර – නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.
