Gossips

කළුතරදී දුම්රියක් පීලී පැනීමකට ලක්වෙයි

කළුතර දකුණ ප්‍රදේශයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ගාල්ල සිට පැමිණි අංක 380 දරණ දුම්රිය මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බවයි.
මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය ප්‍රමාදවන බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ.