කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නිකුත් කර තිබූ නාය යාම් පිළිබඳ රතු නිවේදනය තවත් පැය 24ක් සඳහා බලපැවැත්වෙන ලෙස දීර්ඝ කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ වලල්ලාවිට, බුලත්සිංහල, අගලවත්ත, මතුගම, බදුරලිය සහ ඉංගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙම රතු නිවේදනය බල පැවැත්වෙන බවයි.
එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහි ඕවිට, යටියන්තොට සහ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල වෙසෙන ජනතාව නාය යාම් සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසයි එම සංවිධානය ඉල්ලා සිටින්නේ.
