මහනුවර ඇතුලු දිවයිනේ ප්‍රදේශ කිහිපයක පසුගියදා ඇතිවූ කළහකාරී සිදුවීම් සම්බන්ධයෙන් මේ වනවිට 280 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මේ බව කියා සිටියා.
එමෙන්ම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ නිවසේ තිබී ජාතිවාදී ප්‍රකාශ සඳහන් පෝස්ටර් සහ දැන්වීම් පත්‍රිකා තොගයක් සොයාගත් බවද ඔහු කියා සිටියා.
මේ අතර කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා එම සිදුවීම් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ එවැනි සිදුවීමක් යළිත් අනාගතයේ සිදු නොවිය යුතු බවයි.
කෙසේ වෙතත් මහනුවර නොසන්සුන්කාරි සිද්ධිය පිටුපස සිට එය මෙහෙයවු පුද්ගලයින් සහ කණ්ඩායම් හෙළි කිරිම පොලීසියේ වගකීමක් බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලි චම්පික රණවක කියා සිටියේ.
මේ අතර බොදුබල සේනා සංවිධානය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එහි ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ කියා සිටියේ පූජ්‍ය දඹර අමිල හිමියන් පසුගියදා සිදුකළ ප්‍රකාශයක් යහපාලන ආණ්ඩුවේ තර්ජනයක් ලෙස සළකන බවයි.
මේ අතර අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩය සහ භික්ෂුබල මණ්ඩලය එක්ව කොළඹදී අද විරෝදතා ව්‍යාපාරයක් සංවිධාන කර තිබුනේ ජාතිවාදය
මරඋගුලක් සැබැ අයිතින් දිනා ගැන්මට එක්ව සටන්කරමු යන තේමාව මුල්කර ගනිමින්.
– අරුන් තම්බි මුත්තු මඩකලපුව හිටපු සංවිධායක – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
– මේ මොහොත වන විට මේ රටේ ජනතාව ජීවත් වීමේ අර්බුධයකට මුහුණ දී සිටිනවා. ගොවීන් ගැටළු රැසකින් පීඩා විදිනවා. දේශපාලනමය වශයෙන් පළාත් පාලන මැතිවරණයෙන් ඇනතුරුව ආණ්ඩුව පැහැදිලි ලෙසම පසුපසට ඇද වැටුණා. මේ සියල්ලේම අවධානය වෙනතකට ගන්න වර්තමාන පාලනය කටයුතු කරමින් සිටිනවා.ඉතිහාසය අරං බැලුවාම ජාතීන් අතර ගැටුම් උපයෝගී කර ගන්නවා ආණ්ඩු විසින් මෙවැනි අවස්ථාවලදී අවධානය වෙනතකට යොමු කිරීම සදහා. අද ඉතාම සංවිධානාත්මකව එය ක්‍රියාත්මක වනවා. කවුද මේ පිටුපස සිටින්නේ?. මම ප්‍රශ්ණ කරන්නේ අම්පාර හා දිගන සිදුවීම් වල පිටිපස සිටින්නේ කවුද ? මොකද්ද මෙහි අරමුණ. අදිසි හස්තයින් මේවා පසුපස සිටිනවා. රටේ ජනතාවටත් මෙය ගැටුළුවක්.
– තාමරා කුනනායකම් – ජිනිවා හිටපු තනාපති
– අපේ රටේ ඉතිහිසය දෙස බැලීමේදී අප මෙ වන විට අප යළිත් වරක් ඉතා තීරණාත්මක අවස්ථාවක සිටින්නේ. මම යළිත් වරක් කියලා සදහන් කලේ පැති ගණනාවකින් වර්තාමාන තත්ත්වය 1983 ජූලි මාසය හා සමාන වන නිසා. දේශපාලනමය අරමුණු සහිතව ජන වර්ග අතර ප්රකෝපකාරී ක්‍රියා ඇති කිර තිබෙනවා. ඒ හරහා ඹවුන් බලාපොරොත්තු වන්නේ රට තුල තිබෙන සෑබෑ ප්‍රශ්ණ යටපත් කර ජනතාවගේ අවධානය වෙනතකට යොමු කරවීමටයි. ඒ වගේම රටේ එක්සත් භාවය බිද හෙළීමයි. අද තිබෙන තත්ත්වය 1983 පැවති තත්ත්වයෙන් වෙනස් වන එකම සාධකය වන්නේ එදා ඉලක්ක වුණේ දෙමල ජනතාව. නමුත් අද ඉලක්ක වනනේ මුස්ලිම් ජනතාව. ඒ වගේම එදා සහ අද බලයේ සිටින්නේ එක්සත් ජාතික පක්ෂය. එදා වගේම අදත් ආර්ථික,දේශාපාලන ගැටළු වගේම හා සාමාජීය නැගිටීම් තිබෙනවා. එදා වගේම අදත් ආණ්ඩුව තමන්ගේ නීත්‍යානුකූලභාවය නැති කරගෙන තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන මහතාට වගේම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාටත් පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගෙන බටහිර හිතවාදී ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුව තිබෙනවා. වොෂින්ටනයේ උවමනාව මත ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථාවද ඊට ඇතුලත්. මෑතකදී මුස්ලිම් ජනතාව ඉලක්ක කර සිදුවුනු ප්‍රහාර වලට හේතුව මේක තමයි. මෙම ප්‍රහාර වල වාසිය වොෂින්ටනයටද? මෙවැනි ජන හා වාර්ගික ගැටුම් වලින් වොෂින්ටනයට හැකිවෙනවා විශ්වීය අධිකරණයක් සදහා ශ්‍රී ලංකාව යොමු කිරීමට ඇති ඔවුන්ගේ උවමනාව සාධාරණීකරනය කරගන්න. මගේ අවසාන නිගමනය මුස්ලිම්වරුන්ට එරෙහි ව සිදුවූ මෙම ප්‍රහාර වොෂින්ටනයේ න්යායපත්රය මත සිදුවූවක්. ඒ හරහා ඔවුන්ගේ බලාපොරොත්තුව ශ්‍රී ලංකාව වොෂින්ටනයට වාසිදායක රාජ්‍යයක් බවට පති කිරීම හා චීනයෙන්
උපායමාර්ගිකව ඈත් කර තැබීමයි.