Gossips

කළල්ගොඩම කම්පා කරවමින් සුපිරි යතුරු පැදියේ ගිය තරුණයා මහපාරේම අවසන් ගමන් යයි

කළල්ගොඩ ප්‍රදේශයේ අද දහවල් සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.
මෙලෙස මියගොස් ඇත්තේ හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක් බව අනාවරණ වී තිබෙනවා.
බොරැල්ල කොට්ටාව මාර්ගයේ පොල්වත්ත ඉන්ධන පිරවුම්හළ අසලදීයි අනතුර සිදුව ඇත්තේ.
ඔහු ගමන්කළ යතුරුපැදිය ඉදිරියෙන් ගමන්කළ වෑන් රථයක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.