Gossips

කළමනාකරණ සේවය වර්ජනයකට සූදානම්

තම ගැටළුවලට විසදුම් ලබා නොදුනහොත් ඉදිරි සතිය ඇතුළත වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය සේවා කළමනාකරණ නිලධාරින්ගේ සංගමය පවසනවා.
තම සංගමයේ සාමාජිකයින් මුහුණදී ඇති ගැටලූ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා දැනුම්වත් කළද, මෙතෙක් ඊට විසදුම් ලැබී නොමැති බවයි එම සංගමයේ සභාපති යූ. පලිහවඩන හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.