Gossips

කළමනාකරණ සහකාරවරු හෙට ලෙඩවෙයි

කළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය හෙට (27) දිනයේදී අසනීප නිවාඩු වාර්තාකර වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණයකර තිබෙනවා.
ඒ අනපේක්ෂිත දේශපාලන වාතාවරණයක් තුළ කල් දැමීමට සිදුවූ රාජ්‍ය කළමනාකරණ සහකාර සේවා ඉල්ලීම් 13 දිනා ගැනීමේ සටන යළිත් පණ ගන්වමින්.
මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව හෙට (27) පෙරවරුවේ කොළඹ දී උද්ඝෝෂණයක් පැවැත්වීමට ද කටයුතු සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.