දීර්ඝ කාලයක් තිස්සේ දම්වැලකින් ගැට ගසා තිබීමෙන් දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ කළණ  නම් හස්තියා පීඩාවට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  ඇත්ගොව්වා සහ එම හස්තියා භාරව කටයුතු කරන නිළධාරියා ඇප මත මුදාහැර තිබෙනවා. 
ඒ, ඔවුන් අද මාතර මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ හමුවට  ඉදිරිපත් කිරීමෙන් පසුවයි. 
එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප මත ඔවුන් මුදාහරින ලෙසයි එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ. 
එමෙන්ම හස්තියාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් ලබන මස 11 වනදාට පෙර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.



