Gossips

කහ බැනියම් විරෝධතාවෙන් ප්‍රංශ ආර්ථිකයට දැඩි බලපෑම්

ඉන්ධන බද්දට එරෙහිව ප්‍රංශයේ පැරිස් අගනුවර හතරවන සති අන්තයටත් ක්‍රියාත්මක වූ කහ බැනියම් විරෝධතාව හේතුවෙන් එරට ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලවී ඇති බව මුදල් අමාත්‍ය බෲනෝ ලී මෙයර් පවසනවා.
මේ වනවිට මතුව ඇති දැඩි කලබලකාරී තත්ත්වය හේතුවෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණ සහ ලූවර් කෞතුකාගාරය ඇතුලූ සංචාරක ස්ථාන කිහිපයක් වසා දැමීමටයි රජය පියවර ගෙන ඇත්තේ.
විරෝධතාකරුවන් 125,000 කට ආසන්න පිරිසක් මෙම විරෝධතා සඳහා එක්ව සිටින අතර, ඔවුන්ගෙන් 1700 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
විරෝධතා හේතුවෙන් සුළු ව්‍යාපාරිකයන්ට ඩොලර් බිලියන 1.1 ක අලාභයක් සිදුව ඇති අතර, ආපනශාලා සඳහා පැමිණෙන පුද්ගලයින් සංඛ්‍යාව සියයට 20 ත් සියයට 50 ත් අතර ප්‍රමාණයකින් පහළ බැස ඇති බවද වාර්තාවනවා.