කෑගල්ල – කරඩුපන මං සන්ධියේ පිහිටා ඇති කහ ඉර මත දී අද(17) උදෑසන කාන්තාවක් ශ්‍රී ලංගම බස් රියක ගැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය සදහන් කළේ ගම්පොළ සිට කොළඹ බලා ධාවනය වූ මෙම බස් රථයේ පාර මාරු වෙමින් සිටි මෙම කාන්තාව ගැටී ඇති බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අරණායක – උස්සාපිටිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක්.
සැකකාර ශ්‍රී ලංගම බස් රථයේ රියදුරු පොලීසිය විසින් අතඅඩංගුවට ගෙන තිබෙනවා.
