Gossips

කහවත්ත – දොලවත්ත ප්‍රදේශයේ ගඟක පුද්ගල මළ සිරුරක් (ඡායාරූප)

කහවත්ත, ඇටඹගහවෙල, දොලවත්ත ප්‍රදේශයේ ගඟේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් ඊයේ (14) සොයාගෙන තිබෙනවා.
ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමක් මතයි කහවත්ත පොලිසිය මෙම සිරුර සොයාගෙන ඇත්තේ.
සොයාගත් මළ සිරුර මිට දින කීපයකට පෙර මියගිය පුද්ගලයෙකුගේ බවට සැක කෙරෙන අතර මළ සිරුරේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.
එය අවුරුදු 25ත් 30ත් අතර වියේ පසුවන අයෙකුගේ බවයි කහවත්ත පොලිසිය සඳහන් කළේ.
මළ සිරුර මේ වන විට කහවත්ත මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මෙය ඝාතනයක්ද යන්න කහවත්ත පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඡායාරූප – පැල්මඩුල්ල, ජී.ඒ.එස්. ගමඇතිගේ