Gossips

කහවත්තේ වෙඩි තැබීමේ සිද්ධියෙන් සිව් දෙනෙකු නිදහස්

පසුගිය ජනාධිපතිවරණ සමයේ කහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ නඩුවකට අදාළව චෝදනා ලබා සිටි සැකකරුවන් සිව් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට රත්නපුර මහාධිකරණය අද නියෝග කළා.
මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මෙම නියෝගය නිකුත් කළ අතර, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු ඉතිරි තුන් දෙනා තවදුරටත් සැකකරුවන් ලෙස නම් කරනු ලැබුවා.
ඒ අනුව මීට අදාළ නඩුව ලබන මස 22 වන දා යළි කැදවීමට නියමිතයි.
2015 වසරේ ජනාධිපතිවරණ සමයේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය, ප්‍රේමලාල් ජයසේකරට අමතරව සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මෙලෙස තවදුරටත් සැකකරුවන් ලෙස නම් කර තිබෙනවා.