Gossips

කහවත්තේ පෙරහරක අලි කුලප්පුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට

කහවත්ත නගරයේ මිහිඳු පෙරහරක් අතරතුර අලියෙකු කුලප්පු වීමේ සිද්ධියේදී බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටි පොලිස් නිලධාරියා දින 11කට පසු මියගොස් තිබෙනවා.
රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු අද අලූයම ජීවිතක්ෂයට පත් වූ බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
පසුගිය 01 වනදා කහවත්ත ප්‍රදේශයේ පැවති පෙරහරේ ආරක්ෂාව සඳහා රාජකාරියේ යොදවා සිටි මෙම නිලධාරියා උඩවලව පොලීසියට අනුයුක්තව රාජකාරි කළ අයෙක්.
මෙම සිද්ධියේදී පෙරහර නැරඹීමට පැමිණි පුද්ගලයින් 31 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.