Gossips

කහවත්තේ දී බස් රථ දෙකක් ගැටී 37 කට තුවාල

කහවත්ත, යාඉන්න මංසන්ධිය ආසන්නයේ අද පස්වරුවේ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 37 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ පිරිස කහවත්ත රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ අතරින් 21 දෙනෙකුම කාන්තාවන් බවයි පොලීසිය සදහන් කළේ.
ඇඹිලිපිටියේ සිට කෑගල්ල දක්වා සහ කහවත්ත සිට මාකදුර දක්වා ධාවනය වන පුද්ගලික බස් රථ දෙකක් ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
බස් රථ දෙකෙහි රියදුරන් දෙදෙනාගේම නොසැලකිල්ල නිසා මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.