Gossips

කහල්ල පල්ලෙකැලේ රක්ෂිතයේ දැව ජාවාරමක් (ඡායාරූප)

කහල්ල පල්ලෙකැලේ රක්ෂිතයේ ක්‍රියාත්මක වූ මහා පරිමාණ දැව ජාවාරමක් වැටලීමට ගල්කිරියාගම වනජීවී නිලධාරීන් සමත්වී තිබෙනවා.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන රජයේ තේක්ක වගාවක ගස් ජාවාරම්කරුවන් විසින් කපා වැලි ටිපර්වල සගවා ප්‍රවාහනය කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.
දීර්ඝ කාලයක සිට ජාවාරම ක්‍රියාත්මක වී ඇතැයි ද සඳහන්.
සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු, ටිපර් රථයක් සහ ප්‍රවාහනයට සූදානම් කර තිබු තේක්ක දැව තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැටලීම සිදු කෙරෙන අවස්ථාවේ තවත් සැකකරුවන් 5 දෙනෙකු පළාගොස් තිබෙනවා.

ඡායාරූප – දඹුල්ල කාංචන කුමාර