ගල්ගමුව – ඇහැටුවැව – කහල්ල – පල්ලෙකැළේ රක්ෂිතයෙන් පෙරේදා සොයාගත් දළ ඇතා මියගොස් ඇත්තේ නිරාහාරව සිටීම හේතුවෙන් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.
අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇතා දින ගණනාවක් නිරාහාරව සිට ඇති අතර, එම සත්ත්වයාගේ සිරුරේ තිබී හමුවූ වෙඩි උණ්ඩ කළකට පෙර සිදුවූ වෙඩි තැබීමක් බවටයි අනාවරණ වී ඇත්තේ.
අවුරුදු 30 ක් පමණ වයසැති ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය නිකවැරටිය පශු වෛද්‍ය කාර්යාල නිලධාරීන් විසින් සිදුකරනු ලැබුවා.
මේ අතර හක්කපටස් සහ විදුලි රැහැන් හේතුවෙන් අලි ඇතුන් මියයාමේ සංඛ්‍යාව සැළකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව වනජිවී දෙපාර්තමේන්තුවේ අධ්‍යකෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර කියා සිටියේ.