Gossips

කහගොල්ලේ පිපිරීමෙන් තුවාල ලැබූ අයෙක් ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්

කහගොල්ල ප්‍රදේශයේදී බස් රථයක සිදුවූ පිපිරීමෙන් තුවාල ලබා දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් පළාගොස් ඇතැයි පළවන වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බව පොලිසිය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ සමාජ ජාලා මාධ්‍ය කිහිපයක අදාළ ව්‍යාජ තොරතුරු සටහන් කර තිබු බවයි.
ඊයේ අලුයම සිදුවු පිපිරීමෙන් සහ ගින්නෙන් තුවාල ලැබු යුද සහ ගුවන් හමුදා සෙබලුන් 12 ක් ඇතුලුව 19 දෙනෙකු රෝහල් ගතකර තිබුනා.
එහිදී සිද්ධියෙන් කම්පනයට පත්ව රෝහල් ගත කර තිබු දියතලාව ඇල්ලේගම පදිංචි පුද්ගලයෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
ඔහුගේ ප්‍රකාශයක් ද සටහන් කරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
බස් රථය තුල ජීව අත් බෝම්බයක් පුපුරා එමගින් ගිනි ගැනීමක් සිදුව ඇති බවට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සනාථ කර ඇතැයි ද පොලිසිය කියාසිටියා.
සිද්ධිය පිළිබඳ තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.