කෙසෙල්වත්ත – අලූත්කඬේ ප්‍රදේශයේදී හෂීස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු සන්තකයේ තිබී හෂීස් ග්‍රෑම් 10 කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මොහු අවුරුදු 23 ක් වයසැති වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
