හලාවත – මැරවල ප්‍රදේශයේ සිදු කරන ලද හදිසි වැටලීමකදී කසිප්පු නිෂ්පාදනය කරමින් සිටි සැකකාරියක්,සැකකරුවන් දෙදෙනෙකු සමග කසිප්පු නිෂ්පාදනය කිරීමට ගන්නා උපකරණ තොගයක් අත්අඩංගුවට ගැනීමට වලාන දුෂණ මර්ධන ඒකකය සමත්ව තිබෙනවා.
පසුගිය 21 වැනිදා දවස පුරා පොලිස් නිලධාරීන් 100 දෙනෙකු යොදා ගෙන මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.
සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ මැරවල ගමේ පිහිටි තම නිවසේ කසිප්පු නිෂ්පාදනය කිරීමට සුදානම් වන අවස්ථාවේදීයි.
සෙසු සැකකරුවන් දෙදෙනා මැරවල දූපතේදී අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම ක්‍රියාත්මක කළ නිලධාරීන්ට හැකිව තිබෙනවා.
මෙම මෙහෙයුමේදී ගෝඩා බහා තිබූ බැරල් 21 ක්,හිස් බැරල් 12 ක්,ගෑස් ලිප් 02 ක්,සීනි කිලෝ ග්‍රෑම් 50 ක්,සහ යීස්ට් පැකට් 02 ක්ද වැටලීම කළ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වැටලීම සදහා පොලිස් නාවුක කොට්ඨාසයේ නිලධාරීන්ගේ සහායද වලාන දුෂන මර්ධන ඒකකයට ලැබී තිබෙනවා.
