ගම්පොල සිට කොළඹ දක්වා රැගෙන එමින් තිබූ කසළ තේ තොගයක් මාවනැල්ල නගරයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත අද උදෑසන මෙම වැටලීම සිදුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු සහ සහයක අත්අඩංගුවට ගනු ලැබුවා.
