Gossips

කසල නිසා පුත්තලම අදත් උණුසුම්

පුත්තලම – අරුවක්කාලු ප්‍රදේශයේ ඉදිකරමින් පවතින කසල අංගනයට විරෝධය පළ කරමින් අදත් පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක විරෝධතා පැවැත්වුණා.
ඉරිදා කතෝලික දේව මෙහෙයන්ගෙන් අනතුරුව මෙම විරෝධතා පැවැත්වීම විශේෂත්වයක්.
අප වාර්තාකරුවන් සඳහන් කළේ පුත්තලම දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව, හලාවත, දුම්මලදෙනිය, වනාතවිල්ලුව, මංගලඑළිය සහ මුන්දලම යන ප්‍රදේශවල මෙලෙස විරෝධතා සංවිධාන කර තිබූ බවයි.
මෙම විරෝධතා සඳහා කතෝලික ජනතාව මෙන්ම ප්‍රදේශයේ අනෙකුත් ආගම් අදහන පිරිස් ද එක්ව සිටියා.
මේ අතර, අරුවක්කාලු කසල ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් වනාතවිල්ලුව – මංගලපුර දේවස්ථානයට පැමිණි කතෝලික බැතිමතුන් ද අද (17) උද්ඝෝෂණයක නිරත වුණා.