Gossips

කසල තේ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට (ඡායාරූප)

මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ 150ක් සමඟ සැකකරුවෙක් අද (24) දහවල් හැටන් කොටගල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කුඩු, වෙනත් තේකුඩු වලට කළවම් කර සැකකාර ව්‍යාපාරිකයා විසින් කාලයක් තිස්සේ විකිණීමේ කටයුතුවල නිරත වන බවට ලද තොරතුරක් මතයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා දිඹුල පතන පොලීසිය වෙත භාර දීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පියවර ගෙන තිබෙනවා.

(ඡායාරූප – මස්කෙළිය – ගාමිණී බණ්ඩාර )