Gossips

කසල තේ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

කැළණිය වනවාසල ප්‍රදේශයේ කුලී නිවසක පවත්වාගෙන ගිය කසල ජාවාරමක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම නිවසේ තිබී කසල තේ කිලෝ 580 ක් පමණ සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශණ ඒකකය විසින් ඊයේ පස්වරුවේ වැටලීම සිදුකර තිබුනා.
පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මෙම කසල තේ පෑලියගොඩ, කැළණිය, වත්තල සහ කොළඹ ප්‍රදේශවලට බෙදාහැර ඇති බවටයි.
කසල තේ සහ සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.