කසල කළමනාකරණය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීමට, අමාත්‍යවරුන් තුන්දෙනෙකුගෙන් යුත්, කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන, මහානගර හා බස්නාහිර සංවර්ධන මෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍යවරුන් මෙම කමිටුවට ඇතුළත්.
කැලිකසල නිසි පරිදි කළමනාකරණය නොකිරීම හේතුවෙන් ජනතාවට සිදුව ඇති පීඩාවන් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.
