Gossips

කසල ආහාරයට ගන්නා වන අලින්ගේ ජීවිත අවදානමක

මින්නේරිය ගිරිතලේ ස්වභාවික රක්ෂිතයට බැහැර කෙරෙන කසල ආහාරයට ගැනීමට පැමිණෙන වන අලින්ගේ ජීවිත අවදානම් තත්වයක පවතින බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.
ඇලහැර ප්‍රාදේශීය සභාව මගින් ඉවත දමන ආහාර ද ඇතුලු කසලවල නොදිරණ අපද්‍රව්‍ය ද පැවතීම හේතුවෙන් වන අලින් ඒවා ආහාරයට ගැනීම තුලින් එම සතුන්ගේ ජීවිත අවදානම් තත්වයේ පවතින බවයි ඔවුන් සඳහන් කරන්නේ.
මෙම කසල හේතුවෙන් වන සතුන් මෙන්ම ප්‍රදේශයේ පරිසරය ද විනාශ වීමේ තර්ජනයකට මුහුණදී ඇතැයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගය දෙපස කලාපය පොලිතින් තොර කලාපයක් බවට ද ප්‍රදර්ශණය කර ඇති බවයි.