Gossips

කසල අංගනයකට විරෝධය පා කුණ්ඩසාලේ විරෝධතාවයක්

මහනුවර – කුණ්ඩසාලේ ගඟපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යන කසල අංගනයකට විරෝධය පළ කරමින් ප්‍රදේශයේ ජනතාව අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.
ඔවුන් සඳහන් කළේ අදාළ කසල අංගනය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා පැමිණ ඇති බවයි.
කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව විසින් එම ප්‍රදේශයේ එක්රැස් වන කසල පමණක් එම කසල අංගනයට බැහැර කරන බවට ප්‍රකාශ කළ ද මේ වනවිට තවත් ප්‍රාදේශීය සභා රැසක කසල එම ස්ථානයට බැහැර කරන බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කළේ.