සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ හඬ පට කිහිපයකට ඇමරිකානු සී.අයි.ඒ. අධ්‍යක්ෂවරයා සවන් දී ඇති බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.
පසුගියදා සිදුකළ තුර්කි සංචාරය අතරතුර, කෂෝගි ඝාතනය කිරීම සඳහා උත්සාහ කරන අවස්ථාවේ බව පැවසෙන මෙම හඬ පටවලට ඔහු සවන් දී ඇත්තේ එරට බලධාරීන්ගේ අවසරය මතයි.
