Gossips

කශෝගි ඝාතනය වූ බව පිළිගැනීමට සෞදි අරාබිය සැරසෙන බවට තොරතුරු

සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ ඉස්තාන්බූල් නුවර සිය කොන්සල් කාර්යාලය තුළ දී මිය ගිය බව පිළිගැනීමට සෞදි අරාබි රජය සූදානම් වන බවට වාර්තා පළ වනවා.
ඇමරිකානු මාධ්‍ය සඳහන් කළේ කශෝගිගෙන් දැඩි ලෙස ප්‍රශ්න කිරීමේදී එම ක්‍රියාමාර්ග වැරදී යාමෙන් ඔහු මිය ගිය බව පිළිගැනීමට සෞදි අරාබිය සූදානම් වන බවයි.
ඔහු පැහැර ගැනීම සෞදි කණ්ඩායමේ මුල් අරමුණ වූ බව ඔවුන් ප්‍රකාශ කරන්නේ යැයි ද වාර්තා වනවා.
කෙසේ නමුත්, තමාගේ දැඩි විවේචකයෙකු වූ කශෝගි ඝාතනයට ලක්වූ බවක් පිළිබදව තමා නොදන්නේ යැයි සෞදි අරාබියේ බිල් සල්මාන් කුමරු පැවසූ බව ජනපති ට්‍රම්ප් ඊයේ ප්‍රකාශ කළා.
තුර්කිය පවසන්නේ කශෝගි කොන්සල් කාර්යාලය තුළ ඝාතනය වූ බවට සාක්ෂි තමන් සතු වන බවයි.