Gossips

කශෝගි ඝාතනය වූ බවට තවත් තොරතුරු

සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය වූ බවට තවත් තොරතුරු හෙළිව තිබෙනවා.
ඉස්තාන්බූල් අගනුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළ දී මීට සති දෙකකට පෙර මිය ගිය බව පැවසෙන ජමාල් කශෝගිගේ සිරුර කොටස්වලට කපා ඇති බවයි තුර්කි බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.
ඇමරිකාව ඇතුළු රටවල් කශෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් මෙලෙස දැඩි චෝදනා එල්ල කළ ද සෞදි අරාබියේ බිල් සල්මාන් කුමරු ප්‍රකාශ කර ඇත්තේ තමන් මේ පිළිබඳ කිසිවක් නොදන්නා බවයි.