Gossips

කශෝගි ඝාතනය වූ බවට ට්‍රම්ප්ගෙන් ඉඟියක්

සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ අතුරුදන්වීමට හේතුව පිළිබදව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ප්‍රබල ඉඟියක් කළා.
ඒ, සෞදි අරාබියේ කිරුළ හිමි සල්මාන් කුමරු සමඟ දුරකථන සංවාදයක නිරතවීමෙන් අනතුරුවයි.
බින් සල්මාන් කුමරුගේ පාලනය ඇමරිකානු මාධ්‍ය ඔස්සේ දැඩි සේ විවේචනය කළ කශෝගි තුර්කියේ ඉස්තාන්බූල් නුවර සෞදි කොන්සල් කාර්යාලය තුළ දී ඝාතනය වූ බවටයි විශ්වාස කෙරෙන්නේ.
එය සෞදි රජය විසින් මෙහෙය වනු ලැබූවක් බවට චෝදනා එල්ල වනවා.
කෙසේ නමුත්, බින් සල්මාන් කුමරු එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ බව ජනපති ට්‍රම්ප් කියා සිටියා.
ධවල මන්දිරයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඇතැම් විට මැර පිරිසක් විසින් ඔහු ඝාතනය කරන්නට ඇති බවටයි.
එය කශෝගි නියත වශයෙන්ම ඝාතනය වී ඇති බවට ඉඟියක් ලෙසයි සැලකෙන්නේ.
එහෙත් කශෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ ඝාතනය වූ බවට තමන් සතුව ශ්‍රව්‍ය – දෘශ්‍ය සාක්ෂි පවතින බව තුර්කි නීතිපති කාර්යාලය ප්‍රකාශ කර තිබෙනවා.