Gossips

කශෝගි ඝාතනය ගැන තුර්කියෙන් සෞදි රජයට ඍජු චෝදනා

මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය සම්බන්ධයෙන් සෞදි රජයේ ඍජු සම්බන්ධයක් පැවති බවට තුර්කි ජනාධිපති තායිප් අර්ඩවාන් චෝදනා කළා.
සෞදි රජය ඊට සම්බන්ධ බවට තුර්කි නායකයා මෙලෙස චෝදනා එල්ල කර ඇත්තේ ප්‍රථම වතාවටයි.
කෙසේ නමුත්, ඊට මොහොමඩ් බින් සල්මාන් කුමරු සම්බන්ධ බව විශ්වාස කළ නොහැකි යැයි කියා සිටි තුර්කි ජනාධිපති අර්ඩවාන්, සෞදි අරාබිය සමඟ තවදුරටත් මිතුරු සබඳතා පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කළා.