මාධ්‍යවේදි ජමාල් කශෝගි තුර්කියේ – ඉස්තාන්බුල් නුවර, සෞදි කොන්සල් කාර්යාලය තුලදී ඝාතනයට ලක්වීමේ සිද්ධියට සෞදියේ කිරුළ හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරු වගකිව යුතු බවට ඇමරිකානු සෙනෙට් මණ්ඩලය ඊයේ යෝජනාවක් සම්මත කර ගත්තා.
එමෙන්ම, සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් සංවිධානය යේමනයට එරෙහිව සිදුකරන මෙහෙයුම් වලින් ඇමරිකාව ඉවත් විය යුතු බවට ද සෙනෙට් මණ්ඩලය ප්‍රකාශ කර තිබෙනවා.
එම යෝජනා ඇමරිකානු සෙනෙට් මණ්ඩලය අනුමත කර ඇත්තේ ඡන්ද 56 ට 41 ක් ලෙසයි.
