Gossips

කශෝගි ගැන සල්මාන් කුමරු අනතුරු ඇගවූ බව හෙළිවේ

තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළට ගොස් අතුරුදන්ව සිටියදී මාධ්‍යවේදී ජමාල් කශෝගි අනතුරුදායක පුද්ගලයෙකු බව සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරු ඇමරිකානුවන්ට පවසා ඇති බව දැන් අනාවරණ වනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑනනුවන් මෙන්ම, ඔහුගේ උපදේශකයෙකු වන ජැරඞ් කුෂ්නර් අමතා ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ කශෝගි ඉස්ලාමීය සහෝදරත්වය සංවිධානයේ සාමාජිකයෙකු ද බවයි.
ඒ වනවිට සෞදි අරාබිය කශෝගිගේ ඝාතනය පිළිගෙන නොතිබූ අතර පසුව තුර්කිය සිදුකළ හෙළිදරව් කිරීම් හමුවේ ඒ බව පිළිගත්තා.
එහෙත්, ඊට සෞදි රජ පවුලේ සම්බන්ධයක් නොමැති බවයි ඔවුන් ප්‍රකාශ කර තිබුණේ.