Gossips

කශෝගි ගැන සල්මාන් කුමරුගෙන් අනතුරු ඇඟවීමක්

තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළට ගොස් අතුරුදන්ව සිටියදී මාධ්‍යවේදී ජමාල් කශෝගි අනතුරුදායක පුද්ගලයෙකු බව සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ඇමරිකානුවන්ට පවසා ඇති බව දැන් අනාවරණ වනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑනනුවන් මෙන්ම, ඔහුගේ උපදේශකයෙකු වන ජැරඩ් කුෂ්නර් අමතා ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ කශෝගි ඉස්ලාමීය සහෝදරත්වය සංවිධානයේ සාමාජිකයෙකු ද බවයි.
ඒ වනවිට සෞදි අරාබිය කශෝගිගේ ඝාතනය පිළිගෙන නොතිබූ අතර පසුව තුර්කිය සිදුකළ හෙළිදරව් කිරීම් හමුවේ ඒ බව පිළිගත්තා.
එහෙත්, ඊට සෞදි රජ පවුලේ සම්බන්ධයක් නොමැති බවයි ඔවුන් ප්‍රකාශ කර තිබුණේ.
මේ අතර, මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය මුල් කරගෙන සෞදි අරාබියට එරෙහිව සම්බාධක පැනවීම සදහා තවත් කල් ගත වන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ පවසනවා.
ඔහු කියා සිටියේ තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ සිදුවූ ඝාතනය සදහා සම්බන්ධ පුද්ගලයන් පිළිබදව තහවුරු කිරීමේ තවත් සාක්ෂි අපේක්ෂා කරන බවයි.
කෙසේ නමුත්, එලෙස සම්බාධක පැනවිය හැකි වාතාවරණයක් ඇතිවිය හැකි බව ද ඔහු අවධාරණය කළා.
කශෝගි ඝාතනය මුල් කරගෙන සෞදි අරාබිය සමග ආර්ථික සබදතා මුළුමනින්ම අත්හිටුවීම ජනපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරනවා.
ඒ සෞදි අරාබිය ඇමරිකාවේ විශාලතම අවි ගැණුම්කරු වීම හේතුවෙන්.