මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ ඝාතනයට ලක්වූ බව සෞදි අරාබිය ප්‍රථම වරට පිළිගෙන තිබෙනවා.
සෞදි රාජ්‍ය රූපවාහිනීය ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් රාජකීය අධිකරණයේ මාධ්‍ය උපදේශක සවුද් අල් කටානි සහ සෞදි අරාබි බුද්ධි සේවාවේ නියෝජ්‍ය ප්‍රධානී අහමඩ් අල් අස්සිරි තනතුරුවලින් පහ කරන ලද බවයි.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය ඔක්තෝම්බර් 2 වන දා තම සෞදි බිරිඳගෙන් දික්කසාදවීමේ ලියවිලි ලබා ගැනීම සඳහා ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලය තුළට පිවිසි ජමාල් කශෝගි නැවත ඉන් ඉවතට පැමිණියේ නැහැ.
සෞදියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන්ගේ දැඩි විවේචකයෙකු වූ කශෝගි, ඇමරිකානු වොෂින්ටන් පෝස්ට් සහ නිව්යෝක් ටයිම්ස් ආදී පුවත්පත්වලට විවේචනාත්මක විචාර සැපයූවා.
ඔහු ඝාතනය වූ බව කලින් පිළිනොගත් සෞදි රජය දැන් ප්‍රකාශ කරන්නේ කොන්සල් කාර්යාලය තුළ ඇති වූ ගැටුමකදී ඔහු මෙලෙස මිය ගිය බවයි.
