Gossips

කශෝගිගේ සහකාරිය, ට්‍රම්ප්ගේ ආරාධනය ප්‍රතික්ෂේප කරයි

ධවල මන්දිරයට පැමිණෙන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ආරාධනය තමා ප්‍රතික්ෂේප කළ බව ඝාතනයට ලක්වූ සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ තුර්කි ජාතික සහකාරිය වන හචීජේ ජෙන්ගිස් ප්‍රකාශ කළා.
තුර්කි රූපවාහිනිය ඔස්සේ ඇය සඳහන් කළේ කශෝගි ඝාතනය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකිරීමට ජනපති ට්‍රම්ප්ට අවශ්‍යතාවක් නොමැති බවයි.
ඔහු ඇමරිකාව තුළ මහජන මතය වෙනස් කිරීම සඳහා තමා යොදා ගැනීමට උත්සාහ කරන බවට චෝදනා කළා.
කශෝගි ගේ ඝාතනය පිළිබදව සෞදි අරාබිය සපයන හේතු ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ කළ ද එරටට එරෙහිව සම්බාධක පැනවීම ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා.