Gossips

කශෝගිගේ දරුවන්ට සෞදි රජයෙන් නිවාස සහ වන්දි මුදල්

තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ දරුවන්ට සෞදි රජය විසින් වටිනා නිවාස සහ විශාල මුදල් ත්‍යාග ලබාදී ඇති බව වාර්තා වනවා.
කශෝගිගේ දරුවන් දෙදෙනාට සහ දියණියන් දෙදෙනාට මේ අනුව එම නිසා සහ මසකට ඇමරිකානු ඩොලර් දස දහස බැගින් දීමනාවක් ලබාදීමට නියමිත බව සඳහන්.
සිය පියාගේ මරණය පිළිබදව ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් නොකිරීමේ කොන්දේසියක් ද ඒ සඳහා පනවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
ජමාල් කශෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ එරට කිරුළ හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරුටයි.