Gossips

කශෝගිගේ ඝාතනය ගැන පරීක්ෂණයක් කළ යුතු බව ඇමරිකානු සෙනෙට් සභිකයන් කියයි

තුර්කියේ පිහිටි සෞදි කොන්සල් කාර්යාලයේ දී මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඇමරිකානු සෙනෙට් සභිකයන් ප්‍රකාශ කළා.
ඔවුන් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇමරිකාව පැහැදිලි පණිවුඩයක් ලබාදිය යුතු බවයි.
මෙම ඝාතනය පිටුපස සෞදි කුමරු සිටින බවට පැහැදිලි සාක්ෂි හමුවී ඇති බව ද ඔවුන් අවධාරණය කරනවා.
සෙනෙට් සභිකයන් සෞදි රජ කුමරුව හඳුන්වා දෙනු ලැබුවේ මානසික අසහනයෙන් පෙළෙන පුද්ගලයෙකු ලෙසටයි.