Gossips

කවුඩුල්ල – මින්නේරිය සහ සෝමාවතිය අභයභූමියේ වෙසෙන සතුන්ගේ කුර හා මුඛ රෝග අවදානමක් නැහැ

කවුඩුල්ල සහ මින්නේරිය ජාතික වනෝද්‍යානයේ මෙන්ම සෝමාවතිය අභය භූමියේ වෙසෙන සතුන් අතර, කුර හා මුඛ රෝගය පැතිර යාමේ අවදානමක් නොමැති බව වනජිවි පශු වෛද්‍ය නිලධාරින් පවසනවා.
සෝමාවතිය අභයභූමියේ සිටි අලි පැටව් 5 දෙනෙකු කුරහ මුඛ රෝගයෙන් මියගොස් ඇති බවට පල වන වාර්තා අසත්‍ය බවයි පොළොන්නරුව, ත්‍රිකුණාමලය කලාප භාර වනජිවි පශු වෛද්‍ය නිලධාරි සමීර කලිඟුආරච්චි සඳහන් කළේ.
කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ විසූ අලි පැටවෙකු පමණක් කුර හා මුඛ රෝගය වැළඳීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර සිදුකරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.