Gossips

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සතුන් විශේෂ පරික්ෂාවකට

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සතුන්ට කුර සහ මුඛ රෝගය වැලදී ඇත්ද යන්න සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
පසුගිය 15 වන දා කුර හා මුඛ රෝගය වැලදී ඇති බවට සැක කෙරෙන අලි පැටවෙකු හමුවීමත් සමඟ අදාළ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වනජීවි පශු වෛද්‍ය නිලධාරීන් සඳහන් කළේ.
පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය කලාප භාර වනජීවි පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චි කියා සිටියේ රෝගය වැලදී ඇති බවට සැක කෙරෙන මෙම අලි පැටවාට ප්‍රතිකාර කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි.
මේ අතර, දඹුල්ල – දිගම්පතහ රක්ෂිතයෙහි සැරිසැරූ අවුරුදු 15ක් වයසැති වේවැල් දළයා නමැති හස්තියාට වෙඩි වැදීම පිළිබදව ද මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
වේවැල් දළයාගේ් එක් පාදයකට බඳින තුවක්කුවක් පත්තුවීමෙන් තුවාල සිදුව ඇති බවට පසුගිය දා අනාවරණ වුණා.
එමෙන්ම යාල ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ මිස්සක නැමැති හස්තියා ද වෙඩි වැදීමෙන් මියගියේ පසුගිය බ්‍රහස්පතින්දායි.