වසර හතරහමාරකට ඉහතදී අනුරාධපුරය – කලාවැව – වලව්වේගම පොදු සුසානභූමියේදී මිහිදන් කළ තරුණයෙකුගේ මළ සිරුරක් කැකිරාව දිසා අධිකරණයෙන් ලද නියෝගයකට අනුව ඊයේ යළි ගොඩ ගැනුනා.
ඒ මහේස්ත්‍රාත් දුලාන් වීරවර්ධන ඉදිරියේදියි.
කලාවැව විජිතපුර – ගම්මානයේ පදිංචි 20 හැවිරිදි මනෝජ් මධුෂාන් ආරියදාස නැමති තරුණයාගේ සිරුරයි මෙලෙස ඊයේ ගොඩගනු ලැබුවේ.
මරණය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම සිරුර ගොඩගත් අතර, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තුන්දෙනකුද ඊට එක්ව සිටියා.
මිනුවන්ගොඩ – ගන්හිමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක නැවතී සිටි මෙම තරුණයා 2014 වසරේ මාර්තු මස 9 රිය අනතුරකින් මියගිය බවට ප්‍රකාශ කර තිබුණද ඥාතින් පවසා තිබුණේ මෙය මිනීමැරුමක් බවටයි.
කෙසේ වෙතත් පසුව සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළ අතර වැඩිදුර පරීක්ෂණ සඳහායි සිරුර යළි ගොඩගෙන ඇත්තේ.