Gossips

කලාවැව ජාතික උද්‍යානයේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි

කලාවැව ජාතික උද්‍යානයේ ගල්ගොඩවල ප්‍රදේශයේ තිබී නරක්වූ පුද්ගල මළ සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට සැක කෙරෙන අතර, මළ සිරුර හමුවූ ස්ථානය වන අලි බහුලව ගැවසෙන ප්‍රදේශයක් බවයි පොලීසිය සඳහන් කළේ.
මොහු වන අලි ප්‍රහාරයකට ලක්ව මියගියේද එසේ නොමැතිනම් ඝාතනයක්ද යන්න තහවුරු කරගැනීම සඳහා ගල්කිරියාගම පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අවුරුදු 40 ත් 50 ත් අතර වයසේ පසුවන මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.