Gossips

කලාප මට්ටමින් ගුරු සංචිත පිහිටුවීමට තීරණයක්

සේවයේ නියුතු ගුරුවරුන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව දරු ප්‍රසූතිය ඇතුළු වෙනත් හේතු මත නිවාඩු ලබාගන්නා බැවින් එම කාල වකවානුවල සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් ඇති නොවන පරිදි පාසල්වල සේවය සඳහා යෙදවීමට කලාප මට්ටමින් ගුරු සංචිතයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (23) පැවති උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ අදහස් පලකළේ.
එමෙන්ම ඉදිරියේ දී සිසුන්ට ලබාදෙන නිල ඇදුම් වවුචරයේ වටිනාකම වැඩි කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.