පහරදීමකින් තුවාල ලැබූ අධ්‍යාපන කාර්යාල නිලධාරියෙකු මොරවක රෝහලට ඇතුලත්කර තිබෙනවා.
මෙලෙස රෝහල්ගතකර ඇත්තේ මොරවක අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙකු බවටයි වාර්තා වන්නේ.
පහරකෑමට ලක්වූ කාර්යාල නිලධාරියා සඳහන් කරන්නේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරියගේ රියදුරු මෙලෙස තමන්ට පහරදුන් බවයි.
ඊයේ (05) මාතර දිස්ත්‍රික්කයේ කලාප අධ්‍යාපන කාර්යාල අතර පැවති ක්‍රිකට් තරඟාවලියකදී මෙම පහරදීම සිදුවූ බවටයි ඔහු පවසන්නේ.
එම අවස්ථාවේ තමන්ට පහරදුන් රියදුරා අධික ලෙස බීමත්ව සිටි බවත් මේ සම්බන්ධයෙන් බලධාරීන් විසින් කිසිදු පියවරක් මෙතෙක් නොගත් බවත් ඔහු සඳහන් කළා.
(ඡායාරූප – මාතර අදීශ ආරියතිලක)