Gossips

කලාකරුවන් මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී

ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තීන්ට අනුව කලාකරුවන් මුහුණ දී ඇති ගැටළු පිලිබඳව දැනුම්වත් කිරීම සඳහා නිදහස් කලා සන්ධානය ඊයේ පස්වරුවේ මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටුවා.
කලාකරුවන් පළමුව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් බැහැදැක මේ සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති අතර ඉන් අනතුරුවයි අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැදකිනු ලැබුවේ.
මේ අතර ඊයේ උදෑසන නිදහස් කලා සන්ධානයේ නියෝජිතයින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මුණ ගැසුණා.
ඒ, කොළඹ පිහිටි අගරදගුරු මැදුරේ දීයි.
එහිදිද මේ සම්බන්ධයෙන් අගරදගුරු හිමිපාණන් දැනුම්වත් කර තිබෙනවා.