කල්දැමුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම අද රාත්‍රී 7 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදි පැවැත්වීමට නියමිතයි.
නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ප්‍රතිසංවිධාන කටයුතුවල ප්‍රගතිය හා පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි.
ඊයේ මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණත් කාරණා කිහිපයක් හේතුවෙන් එය අද දක්වා කල් දැමුණු බවයි ඔහු කියා සිටියෙ.
