එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අද රාත්‍රී 8 දක්වා කල් තබා තිබෙනවා.
පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු නියෝජිතයන් සමඟ සාකච්ඡා කර පසුව අද එක්සත් ජාතික පෙරමුණ සමඟ සාකච්ඡා කරන බව ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් දැනුම්දුන් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ජාවක් ජනාධිපති නිල නිවසේදි ඊයේ රාත්‍රී පැවත්වුණා.
