Gossips

කල්ලාරු ඇතා මියගොස් ඇත්තේ ස්වභාවික හේතුවකින්

විල්පත්තුව වනෝද්‍යාන සීමාවේදී වෙඩි තබා ඝාතනය කර ඇති බවට සැක පළ වූ කල්ලාරු ඇතාගේ මරණයට හේතුව ස්වභාවික තත්ත්වයක් බව වනජිවි විශේෂඥ වෛද්‍ය තාරක ප්‍රසාද් නිගමනය කර තිබෙනවා.
එම ඇතාගේ ශරීර කොටස් පරීක්ෂාවෙන් මෙන්ම, ඇතා ඝාතනයට ලක්වූ බවට සැක කරන ස්ථානයේ සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි.
කල්ලාරු ඇතාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී නොමැති බව ස්ථිරවම ප්‍රකාශ කළ හැකි අතර, අකුණුසැර හෝ විදුලිසැර වැදීමක් ද මරණයට හේතුවී නොමැති බව වනජිවි විශේෂඥ වෛද්‍යවරයාගේ මතය වී තිබෙනවා.
කල්ලාරු ඇතාගේ දළ යුගය කපාගෙන ගොස් තිබූ අතර එම දළ යුගල සැකකරුවන් විසින් රුපියල් ලක්ෂ 50 කට අලෙවි කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී සොයා ගැනීමට අනුරාධපුර පොලීසිය සමත් වුණා.