Gossips

කල්ලඩි පාලම යට සැඟවුණු තරුණිය සොයා මෙහෙයුම්

මඩකලපුව – කල්ලඩි පාලමේ යට ඇති වැවේ ගිලී අතුරුදන් වූ බව කියන තරුණිය සොයා මෙහෙයුම් ආරම්භකර තිබෙනවා.
ඊයේ (05) පස්වරුවේ තරුණියක් සහ තරුණයෙකු කල්ලඩි පාලම මතින් ගමන් කරමින් සිටියදී අදාල තරුණිය වැවට වැටී ඇති බවයි වාර්තා වන්නේ.
ජලයේ ගිලී අතුරුදන්වූ තරුණිය සොයා නාවික හමුදාවේ සහය ඇතිව පොලීසිය විසින් මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
පොලිසිය විසින් තරුණිය සමඟ ගමන්ගත් තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ.
කාත්තන්කුඩි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.